ක්‍රියාමාර්ග මැට්‍රික්සය - දත්ත විශ්ලේෂණයට පදනම්ව සහ පාර්ශ්වකරුවන් විසින් ප්‍රකාශිත අදහස් මත පදනම්ව, යුක්ති ක්‍රියාවලියේ එක් එක් අදියරේදී යුක්ති මෙහෙයුම් නැවත ගොඩනැගීමට, ස්ථායිකරණය කිරීමට හෝ වෙනත් ආකාරයකින් වැඩි දියුණු කිරීමට විකල්පයන් සඳහන් කරයි.
හිස්කම් විශ්ලේෂණය
දත්ත සහ සමීප නිරීක්ෂකයන්ගෙන් (උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව) ලබාගත් අදහස් මත පදනම් වූ විවරණය (inset) තුළින්, සේවා හිඟයන් සහ පද්ධති ක්‍රියාකාරිත්වයේ අවහිරතා මෙහි ඉස්මතු කරයි.
යුක්ති ආයෝජන විකල්ප
නීතිමය යුක්ති පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය වැඩි කිරීමටත්, යුක්තියට ප්‍රවේශය වර්ධනය කිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීමට සහ හැකියාවන් ගොඩනැගීමටත් උපකාර වන ආයෝජන අවස්ථා මෙහි පෙන්වා දෙයි—විශේෂයෙන් වර්තමානයේ අභියෝගවලට මුහුණ දෙන, පද්ධතියට ප්‍රවේශ නොලබන කාන්තාවන් සහ පුරුෂයන් සඳහා. මෙම කොටස, පද්ධතිය තුළ සේවය කරන පුද්ගලයන් සඳහා මානව සම්පත් සහ භෞතික තත්ත්වයන් සම්බන්ධ මූල්‍ය ආයෝජන; නඩු සැකසුම් ක්‍රියාපටිපාටිවල ප්‍රතිසංස්කරණ; පුහුණු වැඩසටහන් සංවර්ධනය; සහ පාලන හා අධීක්ෂණ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ආවරණය කරයි.