මාර්ග සිතියම 2025 වර්ෂයේ ස්ථාපිත කරන ලද මූලික මට්ටමකින් 2030 වන විට එකඟ වූ ඉලක්ක කරා කාලයත් සමඟ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා රාමුවක් සපයයි. මෙම රාමුව රජයේ ප්‍රතිපත්ති සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ සමාන්විතව සැලසුම් කර ඇත. රාමුවක් ලෙස, තේරී ගන්නා දර්ශකයන්, අරමුණු කරගත් ඉලක්ක සහ වසර 5ක කාලයකදී ඒවා සාක්ෂාත් කර ගැනීමට මාර්ග සලකුණු පිළිබඳව තවත් සාකච්ඡා සහ එකඟතා සඳහා මෙය පදනමක් ලෙස ඉදිරිපත් කර ඇත. දර්ශකයන් තීරණය කළ පසු, මෙම යුක්ති සාරාංශයෙන් (Justice Snapshot) මූලික දත්ත ඇතුළත් කළ හැක. උදාහරණ ලෙස කිහිපයක් පහළින් දක්වා ඇත. කාණ්ඩයන් තමන්ගේම සාකච්ඡා අනුව ප්‍රධාන පාර්ශ්වකරුවන් විසින් තීරණය කරනු ඇත.